Download කරන File එකේ Virus තියෙනවද කියලා හරියටම දැනගමු


ඔන්න ඉතින් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුනා.ගොඩක් අය හැමදේම දැන් Internet එකෙන්නේ Download කරන්නේ.Internet එකේ හිතකර සයිට් වගේම පරිගණකයට අහිතකර Virus,Spam & Trojan සහිත සයිට් එහෙමත් තියෙනවා...සමහර අය ඕවා නොදැන ඔහේ Download කරනවා....පස්සේ තමා දන්නේ ඒවල Virus කියලා...
මම ඒකට පොඩි විසදුමක් ගෙනාව.මේක කරන්නේ ඔයාලා Download කරන Link එක මේ Virustotal කියන සයිට් එකේ පේස්ට් කරලා...මම මේ Virustotal කියන සයිට් එක තෝරාගත්තේ එක සාමාන්යෙන් වඩාත් හොද සයිට් එකක් නිසා...මේ වගේ සයිට් ගොඩක් තියෙනවා...ඒ ටිකත් පහලින් දාන්නම්...

Online Link Scan
Dr.Web online scanners
Free Website Malware and Security Scanner
Online Virus Scanner

ඔය වගේ වෙබ් අඩවි කිහිපයක්ම තියේ...හරි අපි දැන් බලමු
Virustotal එකෙන් Download Link Scan කරන්නේ කොහොමද කියලා...මුලින්ම ඔයාගේ Download Link එක Copy කරගන්න.ඊට පස්සේ Virustotal
සයිට් එකට ගිහින් Link එක Past කරන්න.


දැන් Scan It Click කරන්න...දැන් එයාලා ඔයාට Link එක ගැන Result එකක් පෙන්නයි...



මම නම්
Scan කරලා තියෙන්නේ Malware සයිට් එකක්.Result එකෙන් ඔයාලට පේනවනේ.Scan කරාට පස්සේ ඔයාලට ලැබෙන Result අනුව ඔයාලා තීරණය කරන්න Download කරනවද නැද්ද කියලා...සමහර Virus කිසිම සයිට් එකකට තියා Virus Guard එකකටවත් අහුවෙන්නේ නැ.ඒ නිසා ඔයාලා මොනාහරි Download කරද්දී විශ්වාස සයිට් එකකින් Download කරන්න...

එහෙනම් මම ගියා.මොකක් හරි ගැටළුවක් උනොත් ඒ ගැන මට දැනුම් දෙන්න.ඔයාලට මේ පොස්ට් එක උදව්වක් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකකින් මුණගැහෙමු...ඔබට ජය!!! 
Previous
Next Post »