QR Code හදමු


ඔන්න අදත් Post එකක් අරගෙන ආවා.මතක ඇතිනේ මම කලින් ගෙනාවා Post එකක් QR Code ගැන හැදින්වීමක් කරලා.බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.අද කියලා දෙන්න යන්නේ QR Code එකක් ලේසියෙන්ම හදාගන්න විදිහක්.පොඩි ලේසි වැඩක් තියෙන්නේ.මේක කරන්නේ www.quickmark.com.tw කියන Online Web Site එකකින්...

හරි ඔයාලා මුලින්ම Site එකට මෙතනින් යන්න...

දැන් ඔය Text කියන තැනට ඔයාලට දෙන්න අවශ්‍ය Message එක දෙන්න.ඊට පස්සේ Generate යන්න Click කරන්න.එතකොට ඔයාලට පහත Photo එක පරදි දිස් වෙයි...

දැන් ඔයාලට පේනවනේ QR Code එකක් ඇවිත් තියෙනවා.ඔය QR Code එක නම් මම දීපු Message එකට අදාල QR Code එක.ඔයාලට දැන් ඒක පහලින් Download කරගන්න පුළුවන්.ඊට පස්සේ Scan කරලා බලන්න.හරි එහෙනම් ඔච්චරයි වැඩේ...

ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ගැන Comment කරන්න.ඒ වගේම මේ Post එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Previous
Next Post »